Wednesday, March 24, 2010

සඳ මඬල

ගලා යන සද දියෙන් දෝතට
පැන් පොදක් ගෙන මල් වියන් යට
පුන්චි සේපාලිකා මල මත
තබා සිප මට වැළද ගන්නට
එන්න තව කල් ගොඩක් යනවද
කියා ලිපියක් ලියා එව්වද....


සුදෝ සුදු හිම පොකුරු අරගෙන
හමා එන මේ සීත මද නල
මගේ හදවත පාළු කතරක
තනිවෙලා මා හෙළන සුසුමක
ශෝක රාවය දුරක හෝ සිට
රැගෙන විත් ඔඹ හද පතුල මත
තබා නිහඩව නැවත ආ බව
නොනිදාම ඔඹ බලා උන්නිද...


දුරට නොගොසින් ළගම දැවටී
හඩවතේ පතුලේම සැගවී
ගයා උණුසුම් කුරුටු ගීතය
ජීවිතේ හැමදාම පුරවන
ඔඹයි ආදර රෝස කැකුළිය!


කියඹුවැල් මදනළට හසුවී
සුවද රොන්සුණු සමග තැවරී
පැමිණ නොපෙනෙන තැනක සැගවී
සිනාසෙන හැටි සොදුරු මියැසී
මගේ උණුසුම තුළම වැතිරී...


03/16/08
DSproto

No comments:

Post a Comment


Blog Archive