නොකියාම සැගව ගිය
කුළුදුල්ම නිල් දෙනෙත
තනිකමට පෙම් බැන්ද
මගෙ පුංචි සෙවනැල්ල
මල් රේණු පොඩි වෙච්ච
අළු පාට හැන්දෑව
කදු පාර බිම වැටුණ
පෙම්බරම හසරැල්ල
සීරුවට පා තබන
නුඹ අදත් හිත ගාව
අඩි පාර කෙළවරම
මන් තාම ඉකිබිදින
ගිණිගත්ත හිත ගාව
දැල්විලා නිවිලාම
නොඑන්නම දුර ඈත
කවදාක නුඹ යාද...
03/21/10
okcheon
ඇවිද ගිය සසර මග ඉතිරිවු සොදුරු මතකයන්ද වෙදනාබර සැමරුම්ද අපමනයි..... හමුවි සිනාසි වෙන්වි ගිය බොහොදෙනා ජිවිතයෙ කිසිදිනක යලි හමු නොවුනත් සමහරුන් ඉතිරිකර ගිය මතකයන් සදා අනුස්මරනියයි.... විටෙක හුදකලාවද,සො සුසුම්ද.. අප හදවත් තුල ගිමන් හෙලද්දි... අතිත සොදුරු මතකයන් තුල අපි සිනාසෙමු...!!!
