දැල් වී ගිය ගිණිදැල්
නිවී ගොස් අවසන්ය
තුනීවී ගිය රුධිර ගග
උරාගත් වග මහ පොළොව
කියා යළි වෙහෙසෙම්ද...!
අදිසි ලෙස පිළිපන් බුද්ධි රළ
ආරන්චි පතුරවන්නන් ලෙස
කාර්ය බහුලය බොහෝලෙස...
ඉවසීමේ සීමාව
ප්රසන්සාත්මකය හැම විටම
ප්රජාතන්ත්රවාදය...
සම අයිතිය...
නැතහොත් ආදරය ගැන..
නොසැළකිලිමත් වදන් අරුත් ලෙස..!
නෙළාගත් අස්වැන්න
සාධාරණ මිලක් ලෙස...
වපුරා උන් උන්ම සරුකළ
නොතැකීම හා වන්කකම
නොදිරා ජරපත්ව එළෙසම...
සොහොන් කොත් පමණක් නිහඬව
අහසට එසවී බලාගත් වනම....
අනාරක්ෂිත බව හැම තැනම
දිව්රාවි හමා යන මඳනලද...
නිහඬව විනිසුරන්
තුති පුදන්නන් හා ප්රසංසා මැද
නොඅසා වේදනා හා අඳෝනා
ධයිර්ය මත් නොවී අලසව..!!!
සයනයේ වැතිරගත් ඝනඳුර
නිසලය තවමත් එළෙසම..?
05/22/09
Dalson
ඇවිද ගිය සසර මග ඉතිරිවු සොදුරු මතකයන්ද වෙදනාබර සැමරුම්ද අපමනයි..... හමුවි සිනාසි වෙන්වි ගිය බොහොදෙනා ජිවිතයෙ කිසිදිනක යලි හමු නොවුනත් සමහරුන් ඉතිරිකර ගිය මතකයන් සදා අනුස්මරනියයි.... විටෙක හුදකලාවද,සො සුසුම්ද.. අප හදවත් තුල ගිමන් හෙලද්දි... අතිත සොදුරු මතකයන් තුල අපි සිනාසෙමු...!!!
Subscribe to:
Post Comments (Atom)
Pages

No comments:
Post a Comment