දැකගන්න සඳපාන ඒ හැටි පිනක්
නැති හින්ද යළි යන්න ඇවිදින් ටිකක්
මුළු රෑම උණුකඳුළු ගැලුවා මිසක්
දැණුනේම නෑ තවම නුඹ නැති බවක්....
ගෙනැවිත්ම මට දීපු මල් හීනයත්
දිවිතාම ඇති හින්ද මැරුනේ නැතත්
හැමදාම මග රැක්ක හිත ගිනි අරන්
මහපාරෙ වැටිලාම පොඩිඋනු තරම්...
පනදීපු මට දුකම විතරක් තියන්
දුර ආපු අපෙ මතක විසිකරදමන්
මින්මනත මග බලන් හිටියත් නැතත්
එන්නේම නෑ මැරිල අළුවීගියත්....
ඇවිද ගිය සසර මග ඉතිරිවු සොදුරු මතකයන්ද වෙදනාබර සැමරුම්ද අපමනයි..... හමුවි සිනාසි වෙන්වි ගිය බොහොදෙනා ජිවිතයෙ කිසිදිනක යලි හමු නොවුනත් සමහරුන් ඉතිරිකර ගිය මතකයන් සදා අනුස්මරනියයි.... විටෙක හුදකලාවද,සො සුසුම්ද.. අප හදවත් තුල ගිමන් හෙලද්දි... අතිත සොදුරු මතකයන් තුල අපි සිනාසෙමු...!!!
