හැම මතකයක් ගාවම
දැවටි දැවටි හිටියට මොකද
අපි වෙන්වෙලා කොච්චර කල්ද....
මහ වැස්සක් වැහැල
මංදාරම් ඉර ඉලියත් එක්ක
ඈතින් පායන දේදුන්නක් වගේ
පාට හතකටත් වඩා අරගෙන
උඹ ඔහේ පායනව
මං කියන්නෙ....
ඒක කිසිම තේරුමක් නෑ කියලයි.
කිරි පාටින් බබළන හඳ එළියෙ
ගුලිවෙලා හීතලේ ඉන්නකොට
හඳ රාහු ගිල්ල වගේ
එකපාරටමඋඹ ආපු එක වැරදියි
පාඩුවෙ මට ඉන්න ඕන බව
නොදන්නව නෙවෙයිනෙ
මේක හරිම වදෙයක්
පාඩුවෙ නිදාගන්නවත් නැද්ද
හැම හීනෙකම එතිල එන්නෙ........
ඇත්තටම මොකද ඔය තරං මෝඩ
ඒ විතරක්ද....
අර දෙනෝදාහක් යන මහ පාරෙ
මොකටද මගේ අතින් අල්ලගෙන හිටියෙ
මිනිස්සු මොනව නොකියයිද
ලෝකෙය හිනස්සන වැඩ
අනිත් එක උඹ හොදටම දන්නව
මං ආදරේ නැති විත්තිය...
උඹ වගේම...
7/19/2010
okcheon
ඇවිද ගිය සසර මග ඉතිරිවු සොදුරු මතකයන්ද වෙදනාබර සැමරුම්ද අපමනයි..... හමුවි සිනාසි වෙන්වි ගිය බොහොදෙනා ජිවිතයෙ කිසිදිනක යලි හමු නොවුනත් සමහරුන් ඉතිරිකර ගිය මතකයන් සදා අනුස්මරනියයි.... විටෙක හුදකලාවද,සො සුසුම්ද.. අප හදවත් තුල ගිමන් හෙලද්දි... අතිත සොදුරු මතකයන් තුල අපි සිනාසෙමු...!!!
