Tuesday, March 23, 2010

මැදියම

නොකියාම සැගව ගිය
කුළුදුල්ම නිල් දෙනෙත
තනිකමට පෙම් බැන්ද
මගෙ පුංචි සෙවනැල්ල


මල් රේණු පොඩි වෙච්ච
අළු පාට හැන්දෑව
කදු පාර බිම වැටුණ
පෙම්බරම හසරැල්ල


සීරුවට පා තබන
නුඹ අදත් හිත ගාව
අඩි පාර කෙළවරම
මන් තාම ඉකිබිදින


ගිණිගත්ත හිත ගාව
දැල්විලා නිවිලාම
නොඑන්නම දුර ඈත
කවදාක නුඹ යාද...


03/21/10
okcheon

2 comments:

  1. ලස්සන අකුරු කිරීමක්...

    /බිඟුවා...!

    ReplyDelete


Blog Archive