Friday, March 19, 2010

මම බයයි

මරණයේ ලේ සුවද
මා කරා රැගෙන විත්
ස්වගාතක බෝම්බයෙන්
කදින් වෙන් වූ
ඉගිමරන ඇගේ ඇස්වල සෙලවුමට
මා බිය වන්නේ කුමට.....

ඉරිතැළී ඇටනහර මතුව ගොස්
පැළී යටිපතුල් සැරව ගලමින්
මරණයේ දොරකඩම නතරවී-කූඩාරම් කදුළු යට
කැකෑරෙන දෙනෙතින් බලා සිටිනා
උන්ගේ වයිරයට
බිය වන්නේ කුමට මම ?

තල් තුරු මුදුන් අතරින්
වසන්තයේ තටුසලා ඉගිලෙන
කුරුළු කෙවිලන්ගේ හඩින්
උණුසුම්ව මායිම් හුස්ම ගන්නා
ගීතවත් තණ බිමේ කෙදිරියෙන්
බියපත් වන්නේ කුමට මම ?

මැරෙන්න බයයි මම
අනුමාණ කලා ඔඹ නිවැරදියි...
ඒත් ද්‍රෝහියෙකු ලෙස...!!!

ශාප කරාවි මහ පොළොව...
උදුරා ගනීවි උන් මේ හැමදේම
සනුහරේ දෙස් දේවි
බියගුල්ලකුකර ආත්මය

මේ.....
මුතුන් මිත්තන්ගෙ
දහඩිය කදුළු සමගම
උණුසුම් රුධිර ගග ගලා ගිය
බර අඩි තබා උන් ඇවිද ගිය
........
මා මැරී වළලන..සොහොන් බිම!

ඉතින්
බියපත් නොවී කොහොමද..!!!

05/05/09

No comments:

Post a Comment


Blog Archive