Friday, July 16, 2010

කඳුළ වී නුඹ෴

පොදක් වී දිය ඇල දොළද පිරෙනා
දිනක් නෑ වාගෙමයි මහ පොළොව හඩනා
ළතෙත් මං හැමදාම උණු කඳුලු හැලුවා
මිසක් නුඹ කවදාක මං නමින් හැඩුවා


තෙරක් අභියස එගොඩ ඇදෙනා
ඔරු කඳක් කිසිදිනක නොඑනා
සමුඳුරක් මෙන් දෝර ගැලුවා
නොකියාම නුඹ වෙන්ව තිබුනා


මලක් වී තුරු මුදුනෙ සැලුනා
නොපිපුනා වාගේම තැලී බිම වැටුනා
පිණි පොදක් වී කොපුල් මත දිලුනා
ඉරක් වී ඇවිත් නුඹ, දවා මා අලු කළා..
                                             
                                               7/12/2010
                                                                      okcheon

3 comments:

  1. දුක්බරයි.....ඒත් ලස්සන පද පෙළක්....

    ReplyDelete
  2. හ්ම්...ලස්සනයි....

    "ළතෙත් මං හැමදාම උණු කඳුලු හැලුවා
    මිසක් නුඹ කවදාක මං නමින් හැඩුවා??"

    හොඳ ප්‍රශ්ණයක්....

    ReplyDelete
  3. හේමලයා/ජංජාල...
    ස්තුතියි සහෝ..(ආදරේ කියන්නෙම ප්‍රශ්නයක් නේද )

    ReplyDelete


Blog Archive