Sunday, May 2, 2010

වම් ඉවුර

ඒ දවස් වල හැම තිස්සෙම
අපි පියාඹනව....
තදින්ම අත අල්ලගෙන
ළගටම වෙලා ඔයත් ඉන්න හැටි...


ඔය..ඔයාගෙ කෙහෙරැළි
හුළග උදුරනවද මන්ද...
ආ....මතකයි නේ....
මොකද්ද....?
ලස්සනම ලස්සන.....!
ඉතිං......
පැටව් පහක්වත් මට ඕන
එච්චර .....මං මැරේවි....


ඒක නෙවෙයි
වැව කෙළවරේ අපේ ගේ...
කාරෙකක්...තව..බූල් බල්ලෙකුත්
විකාර නැතුව ඉන්න අනේ
පුළුවන් විධියට කරගමු


අවුරුදුම කීයද්ද...
හදවත කැඩිළ පොඩි උනත්
අපි ඇවිද ගිය ගුරු පාර
හැම දෙයක් එක්කම
ඈතකට පාවෙළා ගිහින්
වළාකුලක් වගේ...


කැට කැඹිළිති වෙලා හැම මතකයක්ම
පුදුමයි හැමදේම


දුර ගියත් නොඉදම
ඔයා යන්නම ගියා.......
නොඑන බව නොකියම
මං මෙතනම නතර වෙලා...


09/05/14
dalson

1 comment:


Blog Archive