සීතල සද එළිය හදවත කකියවන
ජීවන සුවද ගෙන මදනල සැගව යන
පාළුව සමග ගන කලුවර කැඹළිකොට
ඇවිදිමි මිහිරි සහ සුවදැති මතක බිම
හීනය තටු සලා දුරටම ඉගිල යන
හැම මොහොතකම හදවත දැඩිලෙස රිදෙන
අතපසු වීමකින් පෙර දින මග රැදුන
ඔබ ගැන සිහින මට කොපමණ බර වැඩිද
සසරේ පුරුදු ලෙස සෙනෙහෙන් ළගට වෙලා
පිරිමැද හදවතම උණුසුම් සුවද තියා
දෙනෙතට එඹී මෙතුවක් කල් සිනා වෙලා
සැනසුම ඔබම මට නොකියම පිටව ගියා
දවසක් දෙකක් නොව ගතවන හැම දිනම
වෙහෙසෙමි වෙන්ව යන්නට මතකය අතැර
හදවත පලා මතුවන උණුසුම් සුසුම
ඒ හැම විටම රිදවයි හදවත දැඩිව
කාලය තටු සලන මුත් සිහිනය සමග එතී
හීනය බිදී මෙතුවක් කල් ගෙවුණ හැටී
ආ මග බොහෝදෙන වෙන් වී ගියද මැකී
පාළුව සමග ඔබ කුමකට මවෙත රැදී
හමුවන විටක මහමග අහඹුවක් වෙලා
නොදොඩා යන්න බැරි කමටම හිනහ වෙලා
නොගියත් හිතේ කිළුටක් නැහැ ඉතුරු වෙලා
මිහිදන් වෙයන් මතකය සිහිනයක් වෙලා
07/30/09
Dalson-Dgu

No comments:
Post a Comment